පහසුවටත් වාසියටත් - සුනිල් පෙරේරා, ජිප්සීස්

Words
198
Reading
1 min
9y
Listen to this post
~1 min

පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
නැතිනං හදල කියනවා

ගමරාළාගෙ එළ හරකෙක්
‍හොරකම් කල හරක් හොරෙක්
දුටු ගමයා කෑ ගැසුවා
'ඈ... කවුද කවුද කවුද මිනිහෝ
මගෙ හරක අරං යන්නෙ?'
'ඔහේගෙනං ඔහේ ගන්න
හොඳ නෑ නොවැ දොස් කියන්න'
'අනෙ මගෙ කට'
'හරකෙක් කොහෙද මා ළඟ
කඹයනෙ අල්ලං ඉන්නේ'

පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
නැතිනං හදල කියනවා

කිතුලක රා බොන්න හිතී
මිනිහෙක් කිතුලකට නැගී
අයිතිකරුට අසුවූවා
'ඕයි... කවුද ඩෝ ගස් බඩගාන්නෙ
පාන්දර ජාමෙ'
'තණකොල ඩිංගක් කපන්න
හිතුණා ගහ උඩට යන්න'
'තණකොල? ගහ මුදුණෙ?'
'ඒක තමයි...
තණකොල නෑ ගහ මුදුණේ
අනේ ඒකයි බිමට බහින්නේ'

පහසුවටත් වාසියටත් දැන
දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
නැතිනං හදල කියනවා

මරණව මම තඩි බළලා
වෙරි වූ මීයෙක් කියලා
බළලාහට මෙය ඇහිලා
'ඈ... මාව මරන්න තෝ?'
'කාපු බීපු වේලාවට
පුංචි විහිළුවක් කෙරුවට'
'විහිළු? හොඳ විහිළු'
'රාළහාමිලා වගේ අය
ගණන්ගන්නෙ ඇයිද සුළු දෙය'

පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
නැතිනං හදල කියනවා

නැතිනං මවල කියනවා //
නැතිනං පැනල දුවනවා //
සමහරු ගහල දුවනවා //
නැතිනං හදල කියනවා //

ගායනය - සුනිල් පෙරේරා, ජිප්සීස්

පහසුවටත් වාසියටත් - සුනිල් පෙරේරා, ජිප්සීස් | Ecency